යාන්තමට හෝ එල්ලෙන්න තිබුණු දෙමළ සන්ධානයේ සහයත් රනිල්ට අහිමි වෙයි

Spread the love

හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට සහය පළකරනු ඇතැයි යම් විශ්වාසයක් තබා ගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ සහයද රනිල්ට අහිමි වී ඇතැයි එම පක්ෂයේ තහවුරු කරන අද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්නම් මේ අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

දෙමළ ජාතික සන්ධානය එකල නියෝජනය කරමින් මන්ත්‍රීධුරයට ධුරයට පත් වූ වන්නි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා දැන් තමා සමඟ සිටින බව කී ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා තමන් ඔහු සමඟ ද කතා කළ අවස්ථාවේදී ඔහුද කිසිවෙකුටත් සහය නොදීමට තීරණය කර ඇති බව කීවේය.

දෙමළ ජාතික සන්ධානය අතීතයේ දී මේ සියළුම දේශපාලනඥයින් සමඟ කටයුතු කර ඇති බවත් ඔවුන් ඔවුන්ගේ දේශපාලන වාසිය තකා මෙතෙක් කළේ දෙමළ ජාතික සන්ධානය රැවටවීම බවයි.

‘උතුරු නගෙනහිර වෙසෙන දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ දේශපාලන පක්ෂ එදා සිට ඉල්ලා සිටින්නේ ප්‍රධාන කාරණා පහක් බවත් එකම කරුණක් හෝ නිසි ලෙස ඉටුකිරීමට දකුණේ දේශපාලනඥයින් හෝ දේශපාලන පක්ෂ කටයුතු කර නොමැති බවයි.