අද(01) දින කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් පෙන්වා ඇතැයි වාර්තාවේ.
අද දහවල් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 121 කින් හා S&P SL 20 දර්ශකය ඒකක 125 කින් ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි.
මෙය පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයේ සියයට 2ක වර්ධනයක් හා S&P SL 20 දර්ශකයේ සියයට 4ක වර්ධනයක් ලෙසින් සටහන් වෙයි.
මේ වන විට ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනය සීමාව ඉක්මවා තිබේ.
හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොල තුළ සිදු වූ අතිදැවැන්තම කඩා වැඩීම් වාර්තා වූ අතර ආර්ථික අර්බුදයක් දක්වා එය වර්ධනය විය.