කරූ පාර්ලිමේන්තු පක්ෂ නායකයින් කැඳවයි
- RSL
- October 30, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- karu jayasuriya
- 0 Comments
කථානායක කරු ජයසූරිය මහතා විසින් අද(30) පෙරවරු 11.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තුව කල් තැබීමත් සමග දේශපාලන පක්ෂ කිහිපයක් විසින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කළ ඉල්ලීමට අනුව කථානායකවරයා විසින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව සඳහන්ය.
වර්තමානයේ ඇති වී ඇති දේශපාලන ව්‍යාකූලත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදි අවධානය යොමුකරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් සඳහන් කළේය.
කෙසේවෙතත් පාර්ලිමේන්තුව කල් තබා ඇති අවස්ථාවක කථානායකවරයාට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් 16 වන දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට කිසිදු බලයක් කථානායකවරයාට නොමැති බවයි.

