එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හමුවී ඊයේ(28) සහ අද(29) දිනයේ දිවුරුම් ප්‍රකාශ දෙමින්, වැළඳගනිමින්, අඬාදොඩා වැලපෙමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවේ නව දේශපාලන ගමනක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් අමාත්‍යධුර ලබාගත්හ.
එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් වූ විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ්, ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් අද අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර ලබාගනිමින් නව රජයේ නැවුම් ගමන සමඟ එක්ව තිබේ.
මෙහි ඇති සුවිශේෂී කරුණ නම් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා මුදාගැනීමේ අරගලයට දායක වූ එස්.බී., තිලංග, ඩිලාන් ඇතුළු 15 කාණ්ඩායමේ අය සහ විමල්, ගම්මන්පිළ, වාසු ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිසිවෙකුත් මේ වන විට ඇමතිකම් ලබානොගනිමින් ලබාදී ඇති කැපවීම සහ පූර්වාදර්ශයයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් ප්‍රකාශ අත්සන් කර දුන් මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ නව ආණ්ඩුව සමඟ එක්වීමට නියමිත බව ඊයේ(28) “රීඩ් ශ්‍රී ලංකා” තුළින් අප ඔබට සහතික කොට ප්‍රකාශ කළෙමු.
එසේම නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබාදෙමින් රනිල්, අඛිල, සාගල, මංගල යන මන්ත්‍රීවරුන් දෙන වදයෙන් මිදී අවසාන මොහොත දක්වා රනිල් වික්‍රමසිංහ මීට පෙරදී සිදුකළ ආකාරයට (ගොනාට ඇන්දවීම) සඳහා මුනිච්චාවට මෙලෙස ඔහුට සහය ලබාදෙන බව පවසන බවත්, තම සතුරෙකු හෝ තරහ කාරයෙකුගේ වුවද මරණයක් සිදු වූ විට එම මළගෙදරට ගොඩ වී ඒම, කයි කතන්දර කියමින් එහි රැයක් දෙකක් ගත කිරීම අපේ කමේ, අපේ සංස්කෘතියේ කොටසක් වන අතර මේ වන අරලිය ගහ මන්දිරයේ තැන්පත් වී සිටින එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බැලීමට එජාපයේ අති බහුතරයක් මන්ත්‍රීවරුන් යන්නේ එන්නේ එවැනි පදනමකින් බවත්, එය ගණන් ගත යුතු දෙයක් නොවන බවත් එසේ සිදු කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු “රීඩ් ශ්‍රී ලංකා” වෙත පැවසූ බව අප ඔබට වාර්තා කොට සිටියෙමු.
කැබිනට් අමාත්‍යවරු
01- ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල් හා ආර්ථික කටයුතු පිළිබ`ද අමාත්‍ය
02- නිමල් සිරිපාල ද සිල්වා මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
03- ආචාර්ය සරත් අමුණුගම මහතා – විදේශ කටයුතු අමාත්‍ය
04- මහින්ද සමරසිංහ මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍ය
05- මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය
06- රංජිත් සියඹලාපිටිය මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
07- විජයදාස රාජපක්ෂ මහතා – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
08- විජිත් විජයමුණි සොයිසා මහතා – ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු
09- ෆයිසර් මුස්තාෆා මහතා – පළාත් සභා, පළාත් පාලන හා කී‍්‍රඩා අමාත්‍ය
10- ඩග්ලස් දේවානන්ද මහතා – නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන
හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය
11- ආරුමුගම් තොණ්ඩමන් මහතා – උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය
12- වසන්ත සේනානායක මහතා – සංචාරක සහ වනජීවි අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු
01- වඩිවෙල් සුරේෂ් මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
01- ආනන්ද අලූත්ගමගේ මහතා – සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍ය