හිටපු අගමැතිගේ ආරක්ෂාව අඩුකරයි
- RSL
- October 29, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Former Prime Minister Ranil Wickramasinghe, Ranil Wickeramasinghe
- 0 Comments
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වහාම ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග දී තිබේ.
අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක කටයුතු සඳහා නිලධාරීන් 800 දෙනෙකු පමණ යොදවා සිට ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර තිබේ.
මේ බව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් නිකුත්කළ ලිපියේ සඳහන්ව තිබේ.


