වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතනවලට වැඩබලන සභාපතිවරු

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් පත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව වැඩබලන සභාපති ලෙස නීතිඥ සරත් කෝන්ගහගේ පත් කර තිබේ.

ස්වාධීන රූපවාහිනි සේවය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සඳහා වැඩබලන සභාපතිවරයා වශයෙන් ආචාර්ය සෝමරත්න දිසානායක පත් කර ඇත.

මේ අතර, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සඳහා වැඩබලන සභාපතිවරයා වශයෙන් වසන්ත ප්‍රිය රාමනායක පත් කර තිබේ.