අගමැති මහින්දට සන්ධානයේ පූර්ණ සහය; ජනපති-අගමැති හමුවෙති
- RSL
- October 28, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena, Prime Minister Mahinda Rajapaksa, upfa
- 0 Comments
ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
රජයේ ඉදිරි වැඩ කටයුතු ක්රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කකර ඇති බව ජනාධිපති මාදය අංශය නිවේදනය කළේය.
එම ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා නව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ මන්ත්රීවරුන්ගේ සහය ලබාදෙන බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක විසින් එය ස්ථීර කිරීමෙන් අනතුරුව සියලූ මන්ත්රීවරුන් ඒ සඳහා ඒකමතිකව සහයෝගය පළ කරන ලදී.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්රී ආනන්ද අලූත්ගමගේ, ලංකා කම්කරු කොංග්රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද යන ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්ව සිටී අතර ඔවුන් සියලූදෙනාගේ සහයෝගය ද රජයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ලබාදෙන බව ප්රකාශ කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

