ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත් වෙන්න යළිත් යෝජනාවක්
- RSL
- October 14, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- SLFP, Sri Lanka Freedom Party
- 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් ඊයේ(13) දිනයේදී ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි.
පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික යෝජනාවකට අනුව අදාල ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරිය සඳහන් කළේය. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් 15 දෙනාගේ කණ්ඩායම දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර තිබේ.
ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් කටයුතු කිරිම සුදුසු නොවන බව මෙහිදී 15 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම යෝජනා කර ඇත.
ජාතික කණ්ඩායමෙන් ඉවත් නොවුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සහභාගී වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට සිදුවන බව ද මන්ත්‍රී කණ්ඩායම මෙහිදී ප්‍රකාශ කර තිබේ.
මෙම යෝජනාව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුවත් කිරිමට නියමිත බව එම මන්ත්‍රී කණ්ඩායම සඳහන් කළේය.
මීට පෙරද අවස්ථා ගණනාවකදීම ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත් වෙමුයැ’යි යෝජනා ඉදිරිපත් වූ අතර ඒවා කාලයත් සමඟ කතා පමණක් බවත් පත්විය.

