ජනපතිගේ ආර්ථික සභාවත් පුස්සක්! ජනපති මෙපමණ කලක් කළේ මොනවාදැයි ඇසීමට මන්ත්‍රීවරු සැරසෙති
- RSL
- October 4, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Economy, President Maithripala Sirisena
- 0 Comments
ලොව පුරා රටවල් රැසකට බලපාන ලෙස ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කිරීමට ආණ්ඩු පක්ෂ පසුපෙල මන්ත්‍රීවරු තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ජාතික මට්ටමින් තීරණ ගැනීම සඳහා ඉකුත් අප්‍රේල් මාසයේදි ජාතික ආර්ථික සභාව පත් කරනු ලැබූවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි.
එහිදි කළ විෂය සංශෝධනයේදි එතෙක් අගමැතිවරයා යටතේ තිබු මහ බැංකුව ද ඔහුගෙන් ඉවත් කරනා ලදි.
ජාතික ආර්ථික සභාව පත් කිරීමත් සමඟ එතෙක් ක්‍රියාත්මකව පැවැති රජයේ ආර්ථික කටයුතු පිළිබඳ කමිටුව රැස් කිරීම අහෝසි කෙරුනි.
රජයේ ආර්ථික කටයුතු පිළිබඳ කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ රනිල් වික්‍රමසිංහ විසිනි. එම කමිටුව අහෝසි කොට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ආර්ථික සභාව පත් කරනු ලැබීය.
ඩොලරය ශක්තිමත් වීමත් සමඟම ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වෙතැයි කලින්ම දැනගෙන සිටියදිත් මෙම ආර්ථික සභාව ගත් පියවර කුමක්දැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් විමසන බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉදුනිල් පවසයි.
අග්‍රාමාත්‍යවරයා නෝර්වේ හා බ්‍රිතාන්‍යය සංචාරය නිමවා ලංකාවට පැමිණි පසු ජනාධිපතිවරයාගෙන් අදාළ විමසිම සඳහා අනුමැතිය අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.

