ගෝඨාට එරෙහි නඩුවේ වාරණය තවත් දිගු වෙයි
- RSL
- September 29, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
- Gotabaya Rajapaksa
- 0 Comments
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනකුට එරෙහිව ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ලබන දෙසැම්බර් මස 05 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන ඇත.
අභියාචනාධිකරණයේ අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන දෙපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ගෝඨාභය ගොනු කොට තිබූ ප්රතිශෝධන පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී එහි වැඩිදුර විභාගය දෙසැම්බර් 04 වැනි දිනට කල් තබමිනි.
මෙම ප්රතිශෝධන පෙත්සම ඔහු විසින් ඉකුත් පෙබරවාරි මස 18 වැනි දින ගොනු කරන ලද්දේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය මෙම නඩුව කොට ඇත්තේ 1994 අංක 19 දරන අල්ලස් ආඥා පනතේ 78 වැනි ඡේදයේ දැක්වෙන ප්රතිපාදන උල්ලංඝනය කිරීම බැවින් මෙම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමිනි.

