ජනපතිගේ ජන්ම දිනය අදයි

Spread the love

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 67 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 06 වැනි ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා උපත ලබා ඇත්තේ 1951 සැප්තැම්බර් මස 03 වැනිදාය.දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවන ලද්දේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉපදීමට දිනකට කලින් එනම් 1951 සැප්තැම්බර් මස 02 වැනිදා වීමද විශේෂත්වයකි.

1989දී පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රිවරයකු ලෙස ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු හා අමාත්‍යවරයකු ලෙසද කටයුතු කරමින් වසර 26කට පසුව 2015 ජනවාරි 08 වැනිදා මෙරට ජනාධිපති ධුරයට තේරී පත්විය.

ජනපති ජන්ම දිනය සමරා අද(03) දිවයින පුරා විවිධ ආශීර්වාද පින්කම් රැසක්ද පැවැත්වේ.

සාමාන්‍ය සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලැබ විවිධ නිලතල හා තනතුරු හොබවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්තරීතර සභාපති තනතුරටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හය වැනි විධායක ජනාධිපතිවරයා ලෙසත් පොදු ජන වරමින් අභිසෙන් ලැබූ ජනපතිට සුවහසක් ජනතා අභිලාශයන් ඉටු කරදීමට ශක්තිය ධෛර්යය මෙන්ම දීර්ඝායුෂ ලැබේවායි ‘රීඩ් ශ්‍රී ලංකා’ ප්‍රාර්ථනා කරමු.