ඩොලරය රුපියල් 162 ඉක්මවයි! ශ්‍රී ලංකා රුපියල තවත් බාල්දු වෙයි..
- RSL
- August 24, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- American Dollar, USA Dollar
- 0 Comments
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද(24) රුපියල් 162 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 158.9162 ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රුපියග් 162.1162 ක් ලෙසින් සටහන් විය.
විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් දිනයේ පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත ගණනය කෙරේ.
වත්මන් රජයේ මුදල් අමාත්‍යවරයා වන්නේ මංගල සමරවීර මහතාය.

