මඩකළපුවේ ඉඩම් අක්කර 200ක් උක් වවන්න චීන සමාගමකට හොරෙන්ම දීලා
- RSL
- July 20, 2018
- ආර්ථික සහ ව්යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
මඩකළපුව, කුඩුම්බිමලෛ ප්‍රදේශයේ අක්කර ගණනාවක විශාල ඉඩමක් චීන සමාගමකට උක් වගාව සඳහා ලබාදී ඇතැයි චෝදනා කරන පාර්ලිමේන්තු මන්ත්‍රි සින්නතම්බි යෝගේෂ්වරන් මහතා ඒ සම්බන්ධව වහාම නිසි විමර්ශනයක් පවත්වන ලෙස මඩකළපුව දිස්ත්‍රික් ලේකම් එම්. උදයකුමාර් මහතා වෙත ලිපියක් යවා ඇත.
අදාළ ගිවිසුම ශ්‍රී ලංකා රජය හා චීන සමාගම අතර වූ රහසිගත ගිවිසුමක් බවත් ඒ සම්බන්ධව වගකිව යුතු කිසිදු පාර්ශ්වයක් සමඟ මේ වන තෙක් සාකච්ඡා කොට නැති බවත් ඉදිරියේදී පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් මන්ත්‍රිවරයා ඉල්ලා සිටී.
අදාළ ලිපියේ පිටපත් නැඟෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැඟෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් ඩී.වී. ධර්මදාස, සෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් එන්. විල්වරත්නම් යන අය වෙතද යවා තිබෙන බව යෝගේෂ්වරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

