අලුතින් පාස්පෝට් ලක්ෂ 10ක් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය
- RSL
- June 28, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Sri Lanka Passport
- 0 Comments
අලුතින් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් මුද්‍රණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කොට ඇත.
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් පෙරේදා (26) පැවැති කැබිනට් මණ්ඩලයේ රැස්වීමේදී සලකා බැලීමෙන් අනතුරුව එම තීරණය ගෙන තිබේ.
නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමට පියවර ගන්නා නිසා දැනට නිකුත් කෙරෙන විදේශ ගමන් බලපත්‍ර තවදුරටත් නිකුත් නොකිරීමට මීට පෙර රජයේ අවධානය යොමුවී තිබිණි.
එහෙත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමෙන් නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව සැලකිල්ලට ගත් කැබිනට් මණ්ඩලය මේ තීරණය ගෙන ඇත.

