ඥානසාර භික්ෂුව පස්ස ගහද්දී භික්ෂූන් 15ක් රැඳවියන්ගේ ඇඳුම අඳිති
- RSL
- June 21, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
අධිකරණය මඟින් දඬුවම් නියමවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 15 ක් දැනට බන්ධනාගාරවල සිටින බවත් මෙම පිරිස අධීකරණය මඟින් දඬුවම් නියම කළ සාමාන්‍ය බන්ධනාගාර රැඳවියකු අඳින ‘ඇඳුම’ ඇඳ සිටින බවත් බන්ධනාගාර කොමසාරිස් ,මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කීය.
මුදල් වංචා ඇතුළු විවධ අපරාධ සඳහා සිරදඬුවම් නියම වී ඇති පූජ්‍ය පක්ෂයේ 18 දෙනකු මේ වන විට බන්ධනාගාර ගතව සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා කියයි.
අධිකරණය මඟින් වරදකරුවකු වී දඬුවම් ලබා බන්ධනාගාරය වෙත පැමිණෙන අයකු වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය සහ ඔවුනට ලබා දෙන ඇඳුම් පිළිබඳව බන්ධනාගාර ආඥා පනතේ පැහැදිලිව සඳහන් වන බවත් කවර පූජ්‍ය පක්ෂයක හෝ වේවා ඕනෑම කෙනකු රැඳවියකු ලෙස අඳින සාම්ප්‍රදායික බන්ධනාගාර ඇඳුම ඥානසාර හිමියන්ට ලබා දීමද බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව සිදු කළ බවද උපුල්දෙණිය මහතා පැවැසීය.

