අපේ 2020 අපේක්ෂකයා මහින්ද; ගෝඨා තටමද්දී බැසිල් කියයි (Video)
- RSL
- June 14, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Basil Rajapakasa, Mahinda Rajapaksa
- 0 Comments
2020 ජනාධිපතිවරණය සඳහා නීතියෙන් බාධාවක් නොමැති නම් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ජනතාව බලාපොරොත්තු වන නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් එසේ නොමැති නම් හිටපු ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අපකේෂකයෙකුට සහය දක්වන බව හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(14) මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ බවත් එවැනි කණ්ඩායම් පිළිගැනීමට සූදානමක් නොමැති බවත්, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ දෙකක් එකතුවී අද වන ආණ්ඩු සිදු කරන බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
දෙපැත්තේ කකුල් තියාගෙන සිටින පුද්ගලයින් පිළිබඳ ජනතාව ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

