බුකී ග්‍රහණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුදා ගැනීමේ සටන: නිලවරණයට වාරණ නියෝගයක්
- RSL
- May 30, 2018
- උණුසුම් පුවත්, ක්‍රීඩා
- Sri Lanka Cricket, Sri Lanka Cricket Board
- 0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා හෙට(31) දින පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය වළක්වාලමින් අභියාචනාධිකරණය ලබන 14 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම වර්තමානයේ සභාපති ධුරය සඳහා තරග වදින අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග මහතා විසින් ගොනුකළ පෙත්සමක් දීර්ඝ ලෙස විභාග කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී ඇත.
නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නිලවරණය පැවැත්වීම සඳහා පත්කොට ඇති නිලවරණ කමිටුව මුළුමනින්ම නීතියට පටහැණි බවයි.
එමෙන්ම වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ඉදිරිපත් කළ නාමයෝජනාවට එරෙහිව විරෝධතා ගණනාවක් ඉදිරිපත් කෙරුණද එම විරෝධතා නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කළ බවයි පෙත්සම්කරු චෝදනා කරයි.
එහෙත් තිලංග සුමතිපාල මහතාගේ පාර්ශවයේ නීතිඥවරයා කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කරන තර්ක පදනම් විරහිත බව පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තරග වැදීමට තම සේවාදායකයාට සියලු සුදුසුකම් පවතින බවද එම නීතිඥවරයා පෙන්වා දෙයි.
මේ හේතුවෙන් පෙත්සම තුළින් ඉල්ලා ඇති සහන ලබාදීම ප්‍රතික්ෂේප කරන මෙන් ද තිලංග සුමතිපාල පාර්ශවයෙන් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් විනිසුරුවරු තීන්දු කර සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අවශ්‍ය බවයි.
ඒ අනුව හෙට දින පැවැත්වෙන නිළවරණය වලක්වීමෙ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කාර පාර්ශවය සිය පෙත්සමෙන් ඉල්ලීම කර නොතිබුණ ද අධිකරණයට පැවරි ඇති බලතල ප්‍රකාරව හෙට දින පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වැලැක්වීමට පියවර ගන්නා බව විනිසුරුවරු නියෝගයේ සඳහන් කර සිටියේය.

