ඉල්ලීම් නොදුන්නොත් අකුරට වැඩ- ලං.වි.ම. ඉංජිනේරු සංගමය

Spread the love

තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදුනහොත් මෙම සතියේ සිට රටපුරා විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ ඇතැයි ලංකා විදුලි මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ශාන්ත කුමාර මහතා ප්‍රකාශ කර සිටි.

ලංවිම විසින් ඉදිරිපත් කල දිගුකාලීන අඩු වියදම් විදුලි ජනන සැලසුම එනම් විදුලි බලාගාර සෑදීමේ සැලැස්ම මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර විජාතික මහා පරිමාණ ව්‍යාපෘතියන්ට සරිලන නීති විරෝධි සැලැස්මක් ඉදිරිපත් කිරීමට විරෝධය දක්වමින් තමන් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගන්නා බවද හෙතෙම කීවේය.
ඒ අනුව මෙම සතියේ වැඩ කරන දිනවල පස්වරු 4.15න් පසුව සහ නිවාඩු දිනවල මුළු දවසේම විදුලිය බිඳවැටිමක් සිදුවුවහොත් ඒවා යථා තත්වයට පත්කිරීමට තම සංගමය සාමාජිකයින් උත්සාහ නොගන්නා බව ඒ මහතා කියා සිටියේය.
මේ සම්බන්ධව දැනුවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ මහා සභා රැස්වීම කැඳවීමට තීරණය කර ඇතැයි හෙතෙම කීවේය.
මේ නිසා ජනතාවට සිදුවන පීඩාවන්ගේ වගකීම රජය විසින් භාරගත යුතුබව කී ශාන්ත කුමාර මහතා පසුගිය 08 වැනිදා සිට තමන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිතර වූවන් පවතින අයහපත් කාල ගුණික තත්වය නිසා නඩත්තු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකළ බවද කීවේය.

RSL

Related Posts