දකුණේ වෛරස් උණ දරුණු වේ – මරණ 13ක් 11ක්ම දරුවන්
- RSL
- May 22, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
දකුණු පළාතේ පාසල් දරුවන්ට සෙම්ප්රතිෂ්යාව, කැස්ස, උණ ගතිය ඇත්නම් පාසල් නොයවන ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්ර මහතා ඉල්ලා සිටී.
පෙරේදා (20) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. මෙම පවතින උණ තත්ත්වය නිසා පාසල් වැසීමට අවශ්‍ය නම් සෞඛ්‍ය බලධාරීන් හා සාකච්ඡා කර අපි ඒ පිළිබඳව කටයුතු කරනවා. දැනට එහෙම තීරණයක් අරගෙන නෑ. ඒ නිසා දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා ඉහත රෝගී ලක්ෂණ පෙන්නුම් කරනවා නම් දරුවන් පාසල් නොයවන ලෙස. එයින් අපිට මෙය පැතිරීම වළක්වා ගත හැකියි.
එසේම එහෙම ළමයෙක් ආවොතින් නැවත දෙමාපියන් කැඳවා එම දරුවා නිවසට යවන ලෙස ද මම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම රෝගයේ අවදානම් තත්ත්වයක් තිබේ නම් සෞඛ්‍ය නිර්දේශ ලැබුණු වහාම ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට සූදානමින් සිටිනවා.

