ප්‍රධාන ගංඟාවල ජල මට්ටම තවදුරටත් ඉහළට! ආපදා මරණ 5යි-1024කට උන් හිටි තැන් අහිමියි
- RSL
- May 21, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13314 ක් පීඩාවට පත්ව ඇති අතර 1024 පිරිසක් අවතැන්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම මේ දක්වා වාර්තා වූ මරණ සංඛාව 5 දක්වා ඉහළ ගොස් ඇත.
එසේම නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය ස්ථාන කිහිපයකින් ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව ආපදා කළමණාකර ඒකකය පවසයි.
මේ හේතුවෙන් ගංඟා ආශ්‍රිත පහත් බිම් වල ජීවත් වන ජනතාව හදිසි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආපදා කළමණාකර ඒකකය සඳහන් කළේය.

