බැංකු මගඩියේ පරීක්ෂණ වලට අදාළව අගමැතිට රටින් පිටවීම වහාම තහනම් කරයි
- RSL
- May 15, 2018
- උණුසුම් පුවත්, විදේශීය
- 0 Comments
මැලේසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 700 ක් සොරාගත් බව කියන හිටපු මැලේසියානු අගමැති නජිබි රසාක්ට රටින් පිටවීම තහනම් කර ඇත. ඔහු නිවාඩුවක් ගතකිරීම සඳහා රටින් පිටවී යාමට උත්සාහ කරන බව රජයට වාර්තා වී තිබේ.
අගමැති මහාතිර් මොහමඩ් පැවසුවේ දූෂණ ක්‍රියා විමර්ශනය සඳහා නජිබි අවශ්‍ය නිසා ඔහුට රටින් පිටවීම තහනම් කළ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු අගමැති නජිබි පැවසුවේ රජයේ තීරණයට තමා හිස නමන බවයි.
හිටපු මැලේසියානු අගමැතිට එල්ලවී ඇති දූෂණ චෝදනා ගැන ඇමරිකානු බලධාරීන් පැවසුවේ නජිබි පවුලට සම්බන්ධ අයකුගේ මෙහෙයවීමෙන් ඩොලර් බිලියන 4.5 ක් සොරාගෙන ඇති බවයි.
ඇමරිකානු නීතිපති ජෙප් සෙයිසන්ස්ද ප්‍රකාශයක් කරමින් මැලේසියානු ඉතිහාසයේ සිදුවූ විශාලතම සොරකම මෙය බව කීවේය.

