කාලය මාස 4 යිඃ අල්ලස් ගත් රාජ්ය නිලධාරීහු 11 ක් දැලේ
- RSL
- May 7, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
මෙම වසරේ (2018) ගතවූ මාස හතරේදී අල්ලස් ලබා ගනිද්දීම රාජ්ය නිලධාරීන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවැසීය.
මේ අය අතරේ මෑතකදී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සහ රාජ්ය දැව සංස්ථාවේ සභාපතිවරයා වන බවද ඒ මහතා කීය. මීට අමතරව එම අත්අඩංගුවට ගත් පිරිස අතරේ පොලිස් නිලධාරීහු පස් දෙනෙක්ද වෙති.
අල්ලස් කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා මෙසේද කීය.
අපේ වැටලීම් අංශයේ නිලධාරීන් දිගින් දිගටම ලැබෙන පැමිණිලි අනුව වැටලීම් කරනවා. දිනකට අල්ලස් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබෙනවා. ලැබෙන පැමිණිලි විමර්ශනය කරලයි වැටලීම් සඳහා යන්නේ. අල්ලස් සම්බන්ධ පැමිණිලි තියෙනවනම් 1954 ක්ෂණික ඇමතුම් අංකයට කියන්න.
ප්රදීප් ප්රසන්න සමරකෝන්
දිවයින

