එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රවීගේ පත්වීමට විරෝධය එල්ලවෙයි; ජෝසප් මයිකල් ඉවත්ව යයි
- RSL
- April 26, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Ravi Karananayake, UNP
- 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(26) පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස පත්කළ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී ඇත.
එලෙස රවී කරුණානායක මහතා උප නායක ලෙස පත්කිරීමට විරෝධය දක්වමින් එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන ජෝසප් මයිකල් පෙරේරා කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් නැගිට ඉවත්ව ගොස් ඇත. එසේම තවත් කිහිපදෙනෙකුද රවීගේ පත් කිරීමට විරුද්ධව සටන් කරමින් සිටින බවට වාර්තාවේ.

