ශ්‍රී ලංකා ක්‍රිකට් මළගම අත ලඟ! ක්‍රිකට් ආයතනයේ සුපිරි ගැහිලි ගැන හෙළිදරව්ව
- RSL
- April 24, 2018
- උණුසුම් පුවත්, ක්‍රීඩා, විමර්ශන
- Ranjan Ramanayake, Sri Lanka Cricket, Sri Lanka Cricket Board Corruption
- 0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ පරිපාලන කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවු දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව ඇති සියලු සාක්‍ෂි සමග අදාළ පැමිණිලි පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඇතුළු ඉහළම තැන්වලට අද (24 දා) හෝ හෙට (25 දා) භාර දෙන බව සමාජ සවිබල ගැන්වීමේ සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
ඊයේ (23 දා) මාදිවෙල පිහිටි සිය නිල කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බැව් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්‌වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“මට මීට කලින් සාක්‍ෂි එකතු කර ගන්න බැරි වුණා. නමුත් තව ටිකක් ලැබෙන්න තියෙනවා. දැන් තියෙන ටිකයි ඒ සාක්‍ෂියි මම පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනවා.”
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මස 19 වැනිදා පැවැත්වීමට නියමිතයි. තිලංග සුමතිපාල මහතාට ලැඡ්ජාවක් තියෙනවනම් සභාපති තනතුරට ඉදිරිපත් වන්නේ නැහැ. කශේරුකාවක් තියෙනවනම් ඉල්ලන්නේ නැහැ.
අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පරීක්‍ෂණ සිදුකිරීම ලැඡ්ජාවට කරුණක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට පත්ව ඇති වංචාව, බොරුව, අල්ලස සහ ලිංගික අතවර වලින් බේරා ගැනීම සඳහා මම මේ පැමිණිලි යොමු කරනවා” යි හෙතෙම කියා සිsටියේය.

