ශ්‍රීලනිප මන්ත්‍රීවරු කුප්‍රකට මහලේකම් දුමින්දගේ රෙදි ගලවයි (Video)
- RSL
- April 17, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Duminda Dissanayake, SLFP
- 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා දෙමින් එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට ඩීල්කරුවකු ලෙස දේශපාලනය තුල නම් දරා සිටින වත්මන් ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා ලෙස රැඳී සිටින දුමින්ද දිසානායක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරුන් දැඩි ප්‍රහාරයක් අද(17) මාධ්‍ය හමුවේ සිදුකළේය.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයෙකු වන ඩිලාන් පෙරේරා මහතා දුමින්ද දිසානායක යනු මහලේකම් නොව මහකේලාම් වරයා ලෙස හැඳින්වීමද විශේෂිතය.
දවසකට ඇතුලට ගොස් එළියට පැමිණි හිටපු ඇමතිවරයෙකු වූ මහින්දානන්ද අලුත්ගමගේ පිළිගැනීම සඳහා ආණ්ඩුව නියෝජනය කළ දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එහි ගොස් තිබුණු අතර එහිදී ඔවුන් මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දක්වා ඇත.
සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා ඉදිරියේ විපක්ෂයේ අසුන් ගන්නා බවත්, ඔවුන් සමඟ තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එක්වන බවත් පැවසූහ.
උපුටනය: ලංකා රියල් නිව්ස්

