SLFP ඇමතිවරු 6ක් ආණ්ඩුවෙන් ඉවත් කරන්න – UNP මන්ත්‍රීවරු කියති
- RSL
- April 5, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- SLFP, UNP
- 0 Comments
අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මඟින් දැනුම්දී තිබේ.
පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.
ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේනය කිරීම, කැබිනට් තීරණ විවේචනය කිරීම ආදී ආණ්ඩු විරෝධී ක්‍රියා හේතුවෙන් ඔවුන්ව මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.
එහි පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද යොමුකර ඇත.


