බදියුදීන්, මනෝ රනිල්ගේ විශ්වාසභංගයට විරුද්ධ බව කියයි..
- RSL
- April 4, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
අද දිනයේ පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය ලබා දීමට ඇමති රවුෆ් හකිම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කර ඇත.
එමෙන්ම ඇමති මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව පවසයි.
ඇමති රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ථ ලංකා මහජන කොංග‍්‍රසයද තීරණය කර ඇත්තේ විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය දීමටයි.
ජාතික හෙල උරුමයද යෝජනාවට විරුද්දව ඡන්දය භාවිත කරන බව සදහන් කර ඇත.
මෙම පක්‍ෂ සියල්ල එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ වෙයි.

