රනිල් සහභාගී වන අවසන් කැබිනට් රැස්වීම අද!

Spread the love

රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් කැබිනට් සාකච්ඡාව මේ මොහොතේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙමින් තිබෙන බවට වාර්තාවේ. අප වෙත වාර්තාවන දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව හෙට(04) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී ඔහු එයින් පරාජය වීමට නියමිත බව මේ වන විට වාර්තාවේ.

ඒ අනුව මෙය රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස සහභාගී වන අවසන් රැස්වීම වනු ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ(02) රාත්‍රී පැවති විශේෂ සාකච්ඡාවේ දී එම තීරණය ගත් බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රීලනිපය, ජවිපෙ, එජාපයේ පිරිස් ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් රනිල්ට එරෙහිව හෙට විශ්වාසභංගයේදී ජන්දය දීමට නියමිතව ඇත.