හොරු අල්ලන්න ලෑස්ති වෙනකොට මගේ කකුලෙන් ඇද්දා – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා (Video)
- RSL
- March 30, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Field Marshal Sarath Fonseka
- 0 Comments
අග්‍රාමාත්‍යවරයාගේ වරදක් නොමැති බවත්, දූෂණ, වංචා, මිනීමැරීම් වලට අදාළ හොරු ඇල්ලීමේ වගකීම තමා භාරගැනීමට සුදානම්ව සිටියත් එය තමාට නොදී තම කකුලෙන් ඇද්ද බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ(29) මාධ්‍යවේදීයෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
වැඩිදුරටත් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා,
මේ දිනවල විශ්වාසභංග යෝජනාවක් ගැන කතා වෙනවා?
“ඒක ගැන වාද විවාද කරලා 4 වෙනිදා තියෙන ඡන්ද විමසුමකින් පස්සේ ඒක අවසන් වෙයි. අපි හිතනවා අගමැතිතුමා නිර්දෝෂියි කියලා.
එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් විශ්වාසභංගයට ඡන්ද දෙන්න යනවා?
“ඔව් ඉතින් එහෙම එකතු වෙන්න යනවා නම් ඕනෑම පක්ෂයක ඉන්නවා ඒ අසහනයෙන් පෙලෙන දේශපාලකයෝ. එහෙම අය එක්සත් ජාතික පක්ෂෙත් ඉන්නවා නම් කිහිප දෙනෙක් ඒකට එකතු වෙයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව ඔවුනට විනය ක්‍රියාමාර්ග ගනීවී.”
තවම හොරු අල්ලලත් නෑ?
“හොරු ටික අල්ලන්න මම ලෑස්ති වුණා. මගේ කකුලෙන් ඇද්දා. දැන් අලුත් ඇමති කෙනෙක් ඒක කරනවා. එතුමාට දැන් ඒ යුතුකම ඉෂ්ට කරන්න වෙනවා.”

