රනිල් ගැන ශ්‍රීලනිපය දෙගෙඩියාවක
- RSL
- March 25, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Ranil Wickeramasinghe, SLFP
- 0 Comments
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට සහය පල කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දු කිරීම සඳහා එළඹෙන සතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස එහිදී අවසන් තීරණය ගැනීමට නියමිත බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද පැවැත්වීමට නියමිත බව මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මේ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද (25) දිනයේ ද විවිධ අදහස් පල වුණි.
කෙසේ වෙතත් ජනතාවගේ මතය අනුව විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තීන්දු ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

