පසුගිය පෙබරවාරි 10 වන දින පැවති මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින් කොටසකගේ නම් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
ඒ අනුව දිස්ත්‍රික්ක 11 කට අදාළව තේරී පත් වූ සභිකයින්ගේ නම් ඊයේ(15) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ බවයි රජයේ මුද්‍රණාලායාධිපතිනි සදහන් කළේ.
අනෙක් දිස්ත්‍රික්කවල තේරී පත් වූ සභිකයින්ගේ නම් අද (16) දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.
පසුගිය 9 වනදා මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකෙරුණා.

