බැසිල්ගේ ලිත් නඩුව ඇසීම තවදුරටත් වාරණය කරයි
- RSL
- March 16, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Basil Rajapakasa
- 0 Comments
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති රජයේ මුදලින් ලිත් මුද්‍රණය කර හිටපු ජනාධිපතිවරයාගේ ඡනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට වාසි වන අන්දමින් බෙදා හැරීම සම්බන්ධ නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා ඉදිරියේ විභාග කිරීම වලක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය කර තිබේ.
ඒ අනුව එම තහනම් නියෝගය ලබන මැයි මස 10 වන දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

