මහනුවර තවදුරටත් අඳුරේ
- RSL
- March 9, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Kandy
- 0 Comments
මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8.00 සිට හෙට අලූයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
අද (09) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (08) පස්වරු 6.00 සිට පනවා තිබු ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කෙරිණි.
පැවති සහ පවතින තත්වය අනුව ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව ක්‍රමිකව අඩුකොට ඉවත්කරන බවක් පෙනීයන අතර ඒ අනුව හෙට දිනයේත් මහනුවරට ඇඳිරිනීතිය පැනවීමේ වැඩි ඉඩකඩක් පවතින බවට වාර්තාවේ.

