Exclusive: රට පුරා හදිසි තත්වයක්! ජනපති ජාතිය අමතයි! (වීඩියෝ)
- RSL
- March 6, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena, Sri Lanka, state of emergency
- 0 Comments
රට තුළ විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අසතුටුදායක තත්ත්වන් හේතුකොට ගෙන රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයට පත් කර තිබේ.
සමාජයේ ඇතිව තිබෙන අපරාධකාරී කොටස් පාලනය කිරීමට හා මතුව තිබෙන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට පොලීසියට හා ආරක්ෂක අංශයන්ට බරතල පවරා දී ඇත.
මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුව සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම සඳහා හේතු කොටගත් කරුණු කිහිපයක් ද දක්වා ඇත.

