අමාත්‍ය මණ්ඩල සංශෝධනය කාඩ් කුට්ටමේ කොළ මාරුවක් – මහින්ද
- RSL
- February 26, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Mahinda Rajapaksa
- 0 Comments
වත්මන් ආණ්‌ඩුවේ කැබිනට් සංශෝධනය කාඩ් කුට්ටමේ කොළ එහාට මෙහාට මාරු කොට ඇනීමක් බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ආණ්‌ඩුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියානොකර ඇමැති මණ්‌ඩලයේ කිහිප දෙනෙකු වෙනස් කළත් ආණ්‌ඩුවේ හැටි ජනතාව හොඳින් දන්නවා. ආණ්‌ඩුව කළ යුත්තේ මේ ඇමැති මාරුව මගින් හෝ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමයි.
මේ ඇමැති මාරුවෙන් ජනතාවට සේවය කරන හැටි අපි බලාගෙන ඉන්නවා. මෙම ඇමැති මාරුව හරියට හිසරදයට කොට්‌ට මාරුකිරීමක් වගෙයි පේන්නේ.

