සයිටම් සිසුන් ගැන ජනපති ගත් තීරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගයයි
- RSL
- February 22, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- GMOA, President Maithripala Sirisena, SAITM
- 0 Comments
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සුදුසුකම් අනුව කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා ජනාධිපතිතුමා ගත් තීරණය අගය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජය පැහැදිලි කළ යුතු බවයි.
පසුගිය කාල වකවානුව පුරාම සයිටම් අර්බුදයට නිසි විසඳුමක් ලබා නොදීම සහ ලබාදීමට අපොහොසත්වීම නිසාම රජය දැඩි අසීරුතාවකට මුහුණ දෙන්නට විය.
මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කර එහිඉගනුම ලබන සිසුන් 1000 ක් පමණ සුදුසුකම් පරීක්ෂා කර බලා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත ඇතුලත් කර ගැනීමට නියෝග කිරීමට ජනපතිවරයා ඊයේ(21) තීරණය කළේය.

