ජනවාරි 08 යහපාලන ගමන නවතින්නේ නෑ – රාජිත සේනාරත්න
- RSL
- February 19, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Rajitha Senarathne
- 0 Comments
ජනවාරි 08 ජනවරම ඒකාන්ත වශයෙන් ම රටේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේ ය.
ජනවාරි 08 යහපාලනය ගමන නවත්වන්නේ නෑ. වැරදි අඩුපාඩු හදාගෙන ගමන යනවා. එය ජයග්‍රහනය කරනවා. නායකයන් දෙදෙනා සමඟ ගමන යනවා. ජනවාරි 08 ජනවරම ඒකාන්ත වශයෙන් ම රටේ ක්‍රියාත්මක කරනවා’ යැයි ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

