ගොඩබැස්ස ගෝඨා මාධ්‍යවේදීන් ඉදිරියේ මරු විකාරයෙන් දොඩවයි (Video)
- RSL
- February 12, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gotabaya Rajapaksa
- 0 Comments
පළාත් පාලන මැතිවරණය සමය තුළ අත් අඩංගුවට පත්වේවි’යැයි බියෙන් රට හැරදා තම මව් රට බලා පැන ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨා අද (12) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා වූ ගෝඨාභය සම්බන්ධයෙන් මෙරට ජීවත් වූ ජනතාවට යළි අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
රාජපක්ෂ රෙජීමයේ පක්ෂය වු පොහොට්ටු පක්ෂය ගම්සභා බහුතරයක් ජයග්‍රහණය කිරීමත් සමඟ ඇමරිකාවට පලාගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ අද(12) උදෑසන රෙදි ඇඳගෙන කටුනායක ගුවන් තොටුපලින් ලංකාවට එන අයුරු වාර්තා කිරීමට විශාල මාධ්‍යවේදීන් පිරිසක් එහි ගොස් සිටියහ.
පැමිණ සිටි මාධ්‍යවේදීන් දැක පිනා ගිය නන්දසේන ගෝඨාභය තම සුපුරුදු පකඩ සිනාවෙන් යුතුව අසන ප්‍රශ්නවලට පහර එල්ල කරන්නට පටන් ගත්තේය.
එහෙත් මානසික රෝග කිහිපයකින් පෙලෙන ගෝඨාභය වැඩිදුර යාමට නොහැකි විය. තම සුපුරුදු ජන්ම මරුමෝස් ගහල ගතියත්, අසහනකාරී තත්වයත් එකවර උත්සන්න වූයේ ඔහු සිදුකර ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් මතක් කළ සැනින්ය.
තත්පර 04 ක් තුල මිනීමරු ගෝඨාගේ නියම වේශය නිරූපනය වන්නට වූ අතර ඔහු එසැනින් මාධ්‍යවේදීන්ගේ ඇසුරෙන් මිදී පලායන්නට විය. එය මෙම වීඩියෝ පටය නැරඹීමෙන් හොඳින් අධ්‍යයනය කළ හැක.
මේ බලයෙන් මත් වූ ගෝඨා, ලසන්ත ඝාතනය සහ පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් මාධ්‍යයට පිළිතුරු දුන් අයුරුයි.

