ජල සම්පාදන සේවකයෝ වර්ජනයක් අරඹති
- RSL
- February 5, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ අද දිනයේ සිට දින 03 කාලයක් දිවයින පුරා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ඊයේ (04) දිනයේදී විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ බැවින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරිමට තීරණය කළ බව උපාලි රත්නායක මහතා සදහන් කළේය.

