හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක්
- RSL
- February 4, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට(05) පැවැත්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.
එහිදී මහ බැංකු බැඳුම්කර සහ බරපතළ වංචා විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.
ලබන 06 වැනිදා අදාළ විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඒ සඳහා ඉදිරි දින යොදා ගන්නේ ද යන්න පිළිබඳ මෙම පක්ෂ නායක රැස්වීමේ දී අවධානය යොමුකරනු ඇත.
එමෙන්ම විවාදයේ දී පක්ෂවලට ලබාදෙන කාලය සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේ දී අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

