බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
- RSL
- February 4, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (04) උදැසන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
කොල්ලුපිටිය මල්පාරේ පිහිටි එම නිවෙස් වෙත අද (04) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පිටත්ව ගොස් තිබිණි.
එහිදි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

