හෙට වුණත් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහි කරන්න මම සූදානම්! – ජනපතිගෙන් සහතිකයක් (Video)
- RSL
- January 28, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- President Maithripala Sirisena, SLFP
- 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමඟ එකතුවන්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රත්නපුර ප්‍රදේශයේ ඊයේ(27) පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින්ලංකා ගුවන් සේවා ආයතනවල සිදු වූ බව කියන වංචා දූෂණ සෙවීමට අදාළ ජනාධිපති කොමිසම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව ඒ මහතා එහිදී කියා සිටියේය.

