මැති ඇමතිවරු 62 කගේ පැටිකිරිය 17 වනදා කරළියට
- RSL
- January 13, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, විමර්ශන
- Bond Commission
- 0 Comments
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වීමට නියමිත බවට වාර්තාවේ.
මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් තිස් දෙනකුගේ නම් සඳහන් වන බවත්, බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිස් දෙදෙනකුගේ නම් සඳහන් වන බවත් ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයෙකු පැවසීය.
බරපතළ වංචා දූෂණ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවට සිද්ධි 34ක් ගැන තොරතුරු අඩංගු වන බවද ඔහු වැඩිදුරටත් කීවේය. රාජ්‍ය දේපළ, වත්කම් විනාශ කරන අයට, හොරුන්ට, වංචාකාරයන්ට ඒ සියලු දෙනාට, ඒ අයගේ තත්ත්වය, තනතුරු, පක්ෂය කිසිදෙයක් නොබලා ගතහැකි සියලු තීරණ ගෙන දඬුවම් කිරීමට අවශ්‍ය පසුබිම හදන බව පසුගිය 11 වැනිදා මැදිරිගිරියේ දියසෙන් පුර පැවැති ජන රැලියකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.

