විමල්ගේ මල් පිපෙයිද..?
- RSL
- January 12, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- wimal weerawansa
- 0 Comments
තම ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන හැත්තෑ පහකට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට එරෙහිව ඊයේ (11) අධිචෝදනා පත්ර බාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.
අධිකරණ සිතාසි මත ඊයේ (11) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා වෙත එසේ අධිචෝදනා පත්ර බාරදීම සිදු කෙරුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අල්ලස් පනතේ ප්රතිපාදන මත මෙම නඩුව පවරා ඇති අතර නඩුව ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 32 ක් නඩු භාණ්ඩ 40 ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය. 2009/01/01 හා 2014/12/31 අතර කාලය තුළදී තම ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරූ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විමල් වීරවංශ මහතාට එරෙහිව අධිචෝදනා නඟා ඇත. නඩුව නැවත කැඳවීම ලබන පෙබරවාරි මස 19 වැනිදාට කල් තැබුණි.

