බැඳුම්කර වාර්තාව ගොසිප් වලින් හදපු එකක් නෙවෙයි, කවුද මේ වාර්තාව බොරු කරන්න හදන්නේ..

Spread the love

බැඳුම්කර වාර්තාව ව්‍යාජ බව පවසන සමහර උදවියම බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ආකාරය රටම දන්නා බවත් එම වාර්තාව ගොඩ නැගුනේ කොමිසම හමුවේ ගොනු කළ සාක්ෂි මත මිස අග තොට දි පවසන ලද ඕපාදූප මත නොවන බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඊයේ (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“සමහර දේශපාලඥයෝ මේක බොහෝම සැහැල්ලුවට අරගෙන කියවලත් නෑ, හැබැයි මේක ව්‍යාජ කරුණු තියනවා. මුළු රටම දැක්කා මාධ්‍ය තුලින් ඔය කියන දේශපාලඥයන් කොමිසම හමුවේ සාක්ෂි දීපූ හැටි. ඒ සාක්ෂි මතනේ වාර්තාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. අධිකරණයක විනිශ්චයකාරවරු තීන්දුවක් ගන්නේ ඒ අධිකරණයේ බිත්ති හතර ඇතුළත ඔවුන් ඉදිරියට පැමිණෙන සාක්ෂි මත එහෙම නැතුව පාරේ මග තොටේදි කියන කතා හෝ පුවත්පතක පළවූ දෙයක් මත තීන්දු ගන්නේ නෑ විනිශ්චයකාරවරුන්. ඒක තමයි ඒ ආචාර ධර්ම පද්ධතිය. හැබැයි මම විශ්වාස කරනවා. බොහෝම දක්ෂ අධිකරණයේ පියවරෙන් පියවරට ඉදිරියට ගිය විනිසුරුවරුන් ඉන්නේ. මම දැක්කා නීතිපති දෙපාර්තමේන්තුව ඉතාම වීශිෂ්ට කාර්ය භාරයක් කරපු කොමිෂන් සභාව තමයි මේ කොමිෂන් සභාව. මොකද අද ඉස්සරහට වඩා දියුණුයි. තාක්ෂණය දියුණුයි, ICT තාක්ෂණය, තොරතුරු තාක්ෂණය යොදා ගන්නවා. ඒ ඔස්සේ තමයි සමහර සාක්ෂි හා සාක්ෂිකාරයෝ ඉදිරිපත් කළේ. ඒකට අපි ප්‍රසංශා කරන්න ඔන. ඒ විදියට කරුණු ඉදිරිපත් කරපු, රටේ ජනතාවම දැක්ක අහපු වාර්තාවක් ව්‍යාජයි කියන කොටම කවුරුත් දන්නවා මේක විශ්වාස කරන්න බෑ කියලා. ඒක ඒ පුද්ගලයාට විතරක් ආවේනික වෙච්ච දෙයක්. ඒ පිළිබඳව ජනතාව තීරණය කරයි.” අමාත්‍යවරයා පවසා සිටියා.

RSL

Related Posts