උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි; ප්‍රථමයන් මෙන්න
- RSL
- December 28, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Advance Level
- 0 Comments
2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28) අන්තර් ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිය.
මෙවර විභාගයේ ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා ශිෂ්‍යාවටත්, වාණිජ අංශයේ පළමු ස්ථානය එම විද්‍යාලයේම දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව තිබිම විශේෂත්වයකි.
මේ අතර භෞතික විද්‍යා අංශයේ ප‍්‍රථම ස්ථානය හිමිව ඇත්තේ පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශී‍්‍රධරන් දුවාරකන් සිසුවාට වන අතර කලා අංශයේ ප‍්‍රථම ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවණේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන්ට හිමිව තිබේ.
ඉංජිනේරු තාක්‍ෂණවේදය අංශයේ ප‍්‍රථම ස්ථානය හිමිව ඇත්තේ මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදි සිසුවියටයි.



