ලෝක වාසි කිතුනු බැතිමතුන් ප්‍රීතියෙන් සනසමින් අසිරිමත් තන්තල උදා වෙයි
- Editor
- December 25, 2017
- උණුසුම් පුවත්, විශේෂාංග
- featured
- 0 Comments
අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා.
ඒ, පේ‍්‍රමයේ අගය ලොවට කියාදුන් ජේසු බිළිදාගේ උපත සමරමින්.
නත්තලේ උදාව වෙනුවෙන් සෑම කතෝලික දේවස්ථානයකම පාහේ ඊයේ මධ්‍යම රාත්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණා. මෙරට පැවති ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ රාගම ශාන්ත පීතර හා ශාන්ත පාවුළු දේවස්ථානවලදීයි.
ඒ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලාංකිකයින් මෙන්ම ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් ද මෙවර නත්තලේ උදාව මහත් හරසරින් සමරනු ලැබුවා. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ දී විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වුණා.
එහිදී පාප් වහන්සේ විසින් සංක්‍රමණිකයින් වෙනුවෙන් යාඥාවක් ද සිදු කළා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ තමන්ගේම නිජ බිමක අපේක්ෂාවෙන් පෙළෙන මිලියන ගණනක සංක්‍රමණිකයින් ලෝකය විසින් ප්‍රතික්ෂේප නොකළ යුතු බවයි.



