නිලධාරින් ඇවිත් නෑ.උතුරේ ඉඩම් අර්බුද විසඳන්න තිබූ සාකච්ඡා අතරමග නවතියි
- RSL
- December 17, 2017
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
උතුරේ ඉඩම් අර්බුද හා ආරවුල් පිළිබදව සාකච්ඡා කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් 16 දා කැදවා තිබූ විශේෂ සාකච්ඡාවට උතුරු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු හා වනජීවී නිලධාරීන් විශාල ප්‍රමාණයක් සභභාගි නොවීම නිසා එම සාකච්ඡාව අසාර්ථක වී තිබේ.
ප්‍රධාන අමාත්‍යවරයාගේ යාපනයේ පිහිටි කාර්යාලයේදී මේ සකච්ඡාව සංවිධානය කොට තිබුණි.
සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍යයට පවසා තිබුණේ තමන්ට උතුරු පළාත් සභාවේ කටයුතු කිරීමට සිදුව ඇත්තේ මෙවැනි නිලධාරීන් පිරිසක් සමග බවයි.
උතුරු පළාතේ ඉඩම් සම්බන්ධයෙන් ආරවුල් රැසක්ම පවතින හෙයින් නැවත දිනයක මේ සාකච්ඡාව යළි කැදවන බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.
උතුරේ බොහෝ ප්‍රාදේශීය ලේකම්වරුන් පවසා ඇත්තේ මෙවැනි සාකච්ඡාවක් ඇති බව තමන් නොදන්නා බවයි.
ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ලිපි යවා ඇතත් තැපැල් දුම්රිය ධාවනය නොවීම නිසා නිලධාරීන් විශාල පිරිසකට ලිපි ලැබී නොමැත.
සාකච්ඡාව පැවැත්වීමට නියමිත 16 වෙනිදා තවත් නිලධාඅරීන් කීප දෙනෙකුට ලිපි ලැබී ඇතත් ලිපිය ලැබෙන විට එම නිලධාරීන්ගෙන් පිරිසක් නිවාඩුවට ගම්වලට ගොස් සිටි බවත් තවත් පිරිසක් වෙනත් වැඩ සටහන් යොදා ගෙන තිබූ බවත් නිලධාරීන් කියා සිටියි.

