පළාත් පාලන ආයතන 248ට අදාල නාමයෝජනා භාරගැනීමට සුදානම්
- RSL
- December 16, 2017
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
පළාත් පාලන ආයතන 248ට අදාල නාමයෝජනා භාරගැනීම සදහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතන 93කට අදාළ නාමයෝජනා බාර ගැනීමේ කටයුතු පසුගිය 11 වනදා ආරම්භ වූ අතර එම කටයුතු 14 වනදා මධ්‍යහන 12.00න් අවසන් විය.
ඒ අනුව සෙසු පළාත් පාලන ආයතන 248 සදහා නාමයෝජනා කැඳවීම එළඹෙන සදුදා(18) දිනයේ දී ආරම්භ විමට නියමිතය.
එම කටයුතු දෙසැම්බර් මස 21 වනදා මධ්‍යහන 12.00න් අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කළ අතර උදෑසන 8.30 සිය සවස 4.15 දක්වා නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.
නාමයෝජනා භාරගැනිමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පැවසීය.

