පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්
- RSL
- November 23, 2017
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් කතානායක කරූ ජයසූරිය මහතාට අද භාර දී ඇත.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපොහොසත් වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධව මෙසේ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාව මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, රංජිත් සොයිසා සහ සිසිර ජයකොඩි යන මහත්වරුන් විසින් ඊයේ කතානායකවරයාට භාරදී තිබේ.

